WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දිගාමඩුල්ලේ දිය කිඳුරිය මිනුකි රටම හොල්ලයි

2025 September 01- Page Views : 58

‘සමස්ත ලංකා ජාතික පාසල් පිහිනුම් ක්‍රීඩා තරඟාවලිය 2025”  තරඟාවලියේදී අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසල නියෝජනය කරමින් තරඟාවලියට සහාභාගිවු මිනුකි තෙහාරා වගආරච්චි සිසුවිය ජාතික තලයේ ජයග්‍රහණ තුනක් ලබා ගැනිමට සමත්ව තිබෙනවා .

මෙම පිහිනුම තරඟාවලිය  ඉකුත් 25,26,27 යන දිනවලදී සුගතදාස පිහිනුම් තටාකයේදී පැවත්වුණා.

ඇය, ළය ආර 100m හා 200m ඉසව්වලින් දෙවැනි ස්ථානය ලබා රිදී පදක්කම් දෙකකුත් ළය ආර 50m ඉසව්වෙන් තෙවැනි ස්ථානය ලබා ලෝකඩ පදක්කමකුත් දිනා ගැනීමට සමත්  වුණා.

එම ඉසව්වලින් ඇයගේ පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් ඇය විසින්ම පිහිටුවා තිබූ නැගෙනහිර පළාත් වාර්තා යළිත් වරක් අලුත් කිරීමට මිනුකි තෙහාරා වගආරච්චි සිසුවියට හැකි විම විශේෂ සිද්ධියක්.

මෙවර නැගෙනහිර පළාත වෙනුවෙන් ජයග්‍රහණය කළ එකම ක්‍රීඩිකාව වූයේ ඇයයි.

සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා තරඟාවලියේදි ඇය සිව් වතාවකදී පදක්කම් 9යක් ජයග්‍රහණය කර තිබෙනවා.

නැගෙනහිර පළාත වෙනුවෙන් වැඩිම වාර ගණනකදී වැඩිම පදක්කම් සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ එකම ක්‍රීඩිකාව වශයෙන් වාර්තාවක් තැබිමටද මිනුකි සමත් ව තිබෙනවා.

කුඩාකල සිට දරුවන්ගේ ප්‍රධාන ක්‍රීඩා පිහිණුම් උපදේශක ලෙස කටයුතු කළ ඒම්. ඉන්දික කුමාර මහතා විදේශගතව සිටියදිත් ඔහුගේ උපදෙස් හා මඟ පෙන්වීම ලබා ගනිමින් සහය පුහුණුකරු ලෙස කටයුතු කළ නාමල් ජයසිංහ මහතා සමඟ එක්වී මෙම ජයග්‍රහණය ලබා ගැනිමට හැකිව තිබෙනවා.