WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුද්ගලයන් 19කට මරු කැඳවූ නේපාලයේ 'සෝෂල් මීඩියා' තහනම ඉවතට

2025 September 09- Page Views : 90

විරෝධතාවලදී පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසුව, නේපාලය සමාජ මාධ්‍ය සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක සහ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ප්‍රිතිවි සුබා ගුරුන්ග් අද අලුයම පැවසුවේ රජය පසුගිය සතියේ පනවන ලද සමාජ මාධ්‍ය තහනම ඉවත් කළ බවයි.

සමාජ මාධ්‍ය සඳහා තහනම් පැනවීමත් සමග රට පුරා ඇතිවූ මහජන විරෝධතා සහ ආරක්ෂක හමුදා සමඟ ඇති වූ ගැටුම්වලින් 19ක් මියගොස් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබුණා.

රජයේ ලියාපදිංචි නොවීම හේතුවෙන් Facebook, YouTube, WhatsApp, Instagram ඇතුළු සමාජ මාධ්‍ය 26ක් තහනම් කිරීමට නේපාල රජය පසුගියදා පියවර ගත්තා.

"සමාජ මාධ්‍ය තහනම අපි ඉවත් කර ගත්තා. ඒවා දැන් ක්‍රියාත්මකයි," ගුරුන්ග් පැවසුවා.

 රජයේ සමාජ මාධ්‍ය වේදිකා තහනම් කිරීමට එරෙහිව ඊයේ වීදි බැස විරෝධතා දැක්වීමට දහස් ගණනක් තරුණයින් පැමිණීමෙන් පසු නේපාල ආරක්ෂක හමුදා සමඟ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූවා.