WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආසියානු කුසලාන තරග ජයග්‍රහණයෙන් පසු, ඉන්දියාව පාකිස්ථානයට අතට අත දීම ප්‍රතික්ෂේප කරලා

2025 September 15- Page Views : 107

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති ආසියානු කුසලාන A කාණ්ඩයේ ඉන්දියාව සහ පාකිස්ථානයට අතර තරගය ජයග්‍රහණ‍ය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගය අවසන් වීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම පාකිස්ථාන කණ්ඩායමට අතට අත දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවත් මෙවැනි ලෙස හැසිරීම වඩාත් මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා.

නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩුබේ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව පිටිය මැදදී සුපුරුදු පරිදි අතට අත දීමකින් තොරව නැවත ක්‍රීඩාගාර වෙත පිටත්ව යන බව දැක ගැනීමට හැකිවුණා.

ඉන්දියාව ජයග්‍රහණය කිරීමෙන් පසු, පාකිස්ථාන නායක සල්මන් අලි අගා ඉන්දීය ක්‍රිඩාගාරය දෙසර ගමන් කර නමුත්,  ඒවන විටත් ඉන්දීය ක්‍රීඩකයින් ක්‍රීඩාගාරයෙන් පිටව ගොස් ඇඳුම් පැළඳුම් කාමරයට ආපසු පැමිණ තිබුණා.