ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය; ශ්‍රී ලංකා හොංකොං ගැටුම තරගය අද
2025 September 15- Page Views : 112 ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන දෙවන විස්සයි විස්ස තරගය අද රාත්‍රීයේ පැවැත්වෙනවා.
ඒ හොංකොං කණ්ඩායමට එරෙහිවයි.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව පැවැත් වුණා.
එම තරගයෙන් කඩුළු 06ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතයි.