ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් වන ප්‍රසාද ලකුණු සටහන
2025 September 17- Page Views : 119 ඊයේ පැවති බංගලාදේශ ඇෆ්ගනිස්ථාන තීරණාත්මක තරගයෙන් පසු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන යාවත්කාලීන වී තිබෙනවා
කෙසේ වෙතත් තවදුරටත් A කාණ්ඩයේ ඉන්දියාව සහ B කාණ්ඩයේ ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීමට සමත්. එහෙත් ඊයේ ඇෆ්ගනිස්ථාන ලද පරාජයත් සමග ශ්‍රී ලංකාව රැඳී සිටින B කණ්ඩයේ දැඩි උණුසුමක් නිර්මාණය වී ඇති බවයි දක්නට ලැබෙන්නේ.
A කාණ්ඩය (Group A)
A කාණ්ඩයට අයත් කණ්ඩායම් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයයි.
ඉන්දියාව: ඉන්දියාව මේ වන විට තරග 2ක් ක්‍රීඩා කර ඇති අතර, එම තරග දෙකම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන කාණ්ඩයේ පෙරමුණේ පසුවෙනවා. ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) 4.793ක් ලෙස ඉහළ අගයක සටහන් වෙනවා.
පාකිස්තානය: පාකිස්තානය ද තරග 2කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් එක් තරගයක් ජයග්‍රහණය කර එක් තරගයක් පරාජය වී තිබෙනවා. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු 2ක් ලබා ඇති අතර, ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) 1.649ක් ලෙස සටහන් වනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය: එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග 2ක් ක්‍රීඩා කර ඉන් එක් තරගයක් ජයගෙන, එක් තරගයක් පරාජය වී ප්‍රසාද ලකුණු 2ක් ලබාගෙන තිබෙනවා. ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) -2.030ක් ලෙස සටහන් වනවා.
ඕමානය: ඕමානය මේ වන විට තරග 2ක් ක්‍රීඩා කර ඇති අතර, ඔවුන් එම තරග දෙකම පරාජයට පත් වී තිබෙනවා. ඒ අනුව ප්‍රසාද ලකුණු නොලැබූ ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) -3.375ක් ලෙසයි සටහන් වී ඇත්තේ.