නව යොවුන් වියේ දරුවන්ගෙන් 18%කට විෂාද තත්ත්වයක්
2025 October 10- Page Views : 39 ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට යෙදී තිබෙනවා.
ශ්‍රී ලංකාව අද එය සමරන්නේ මානසික සෞඛ්‍ය පිළිබද වැඩි අවදානයක් යොමුකළ යුතු කාල වකවානුවකයි.
ආපදා සහ හදිසි අවස්ථාවල දී මානසික සෞඛ්‍ය සේවාව සැමට සැමවිට” යන්න තේමා කරගනිමින් අද ලොවපුරා රටවල් 150කට වැඩි සංඛ්‍යාවක් ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරනවා.
මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සහ මානසික සෞඛ්‍ය වර්ධනයට සහය වීම සඳහා ගනු ලබන උත්සාහයන් දිරිගැන්වීම අරමුණු කරගත්මෙම දිනය 1992 සිටයි සැමරෙන්නේ.
මෙරට ජනගහනයෙන් සියයට 10ක ප්‍රතිශතයක් විවිධ මානසික රෝගවලින් පෙළෙන අතර ඉන් 2% ක ප්‍රතිශතයක් බරපතල මානසික රෝගවලින් පෙලෙන බවට තොරතුරැ වාර්තා වන පසුබිමකයි අප අද මෙම දිනය සමරන්නේ.
දරුවන් මෙන්ම වැඩිහිටියන්ද මානසික ගැටලුවලදී ඇතැම් විට නිසි ප්‍රථිකාර ලබා නොගන්නේ ඇතැම් මිත්‍යා මත සහ අඩු දැනුවත්භාවය හේතුවෙන්.
මේ වන විටත් නව යොවුන් වියට එළඹෙන දරුවන්ගෙන් 18% ක් පමණ යම් විශාද තත්ත්වයන්ට ලක්වෙලා.
එය රටක් විදියට අප මුහුණදෙන බරපතල අභියෝගයක්.
මෙම තත්ත්වය සමනය කර ගැනීම සදහා මෙරට සෞඛ්‍ය පද්ධතිය විවිධ කැප කිරීම් සිදුකරමින් සිටිනවා.