WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක පැරා මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්

2025 October 13- Page Views : 7

මෙවර ලෝක පැරා මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රදීප් සෝමසිරි T47 කාණ්ඩයේ මීටර් 1,500 ඉසව්වෙන් තත්පර 3.53.7 ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇති අතර එම කාලය ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. 

එමෙන්ම කණ්ඩායම් නායක නුවන් ඉන්දික ගමගේ T44 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 6.46 ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබුණි.

  රටවල් 100කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය දා ඉන්දියාවේ නව දිල්ලි හිදී ලෝක පැරා මලල ක්‍රීඩා ශුරතාවලිය පැවැත්විය.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 05 දෙනෙකු ඉසව් 09ක් සඳහා සහභාගීවූ වී තිබුණි.