ආසියා ශූරතාවට යන ක්‍රීඩකයෝ ඇමති හමුවෙති
2025 October 22- Page Views : 222
දකුණු ආසියා (SAAF) ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමු වූහ.
කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී මෙම හමුව පැවැත්විණි.
මෙම 24 සිට 26 දක්වා ඉන්දියාවේ ජාර්කන්ඩ් හි රාන්චි ප්‍රදේශයේ දී දකුණු ආසියා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වී.ප්‍රේමචන්දිරන්, සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ සිසිර වෙල්ලේගෙදර මහත්වරු සහභාගී වූහ.