WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් අභාවප්‍රාප්ත වෙයි

2025 October 25- Page Views : 225

තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් රැජිණ අභාවප්‍රාප්ත වී තිබේ.

තායිලන්තයේ වත්මන් රජු වජිරලොන්කෝන් ගේ මව වන සිරිකිත් මිය යන විට 93 වන වියේ පසුවිය.

ඇය 2019 වසරේ සිට විවිධ රෝගාබාධවලින් පීඩා විඳි අතර ඊයේ ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බැංකොක්හී රෝහලක බවද තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇය පසුගිය 2016 වසරේදී අභාවප්ප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ බූමිබොල් අදුම්යදේජ් රජුගේ බිරිඳද වේ.

මේ අතර ඇගේ මරණය සම්බන්ධව රාජකීය අවමංගල්‍යයක් සංවිධානය කරන ලෙසට වජිරලොන්කෝන් රජු තායි රාජකීය ගෘහ කාර්යාංශයට නියෝග කර ඇති බවද එම මාධ්‍ය වාර්තා කර තිබේ.