WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

T20 ලෝක කුසලානයට සැරසෙන SSC

2025 November 10- Page Views : 1878

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන වසරේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 3ක් සූදානම් කෙරෙන අතර එම ක්‍රීඩාංගණ තුන වන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, පල්ලේකැලේ ක්‍රීඩාංගණය සහ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයයි.

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණය  දිවා රාත්‍රි තරග පැවැත්විය හැකි අයුරින් මේ වනවිට නවීකරණය කිරීමට පියවර ගෙන ඇති අතර අතර ඒ අනුව එහි විදුලි ආලෝක කුලුනු පද්ධතියක් ස්ථාපිත කිරීමේ කටයුතුද මේ වනවිට ආරම්භ කර තිබේ.