යුක්රේන ජනපති පාප්තුමන් හමුවෙයි
2025 December 10- Page Views : 232
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට ගොස්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සහ යුරෝපා රටවල රාජ්‍ය නායකයන් හමුවීමෙන් අනතුරුව, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රෝමය බලා ගියේය.
රෝමයට ගිය සෙලෙන්ස්කී, වතිකානයට ගොස් ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමන් හමුවිය. ඒ රුසියන් යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්ය.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීම සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ කරුණු 28 කින් සමන්විත සටන් විරාම සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, පාප්තුමන්ට පැහැදිලි කළේ යැයි මාධ්‍ය වාර්තා පවසයි.
රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදහත්කරුවකු වීමට තමන් කැමැති බව වතිකානය ද නිරන්තරයෙන් පවසා ඇත.
යුක්රේන වැසියන් වෙනුවෙන් වතිකානය මෙන්ම 14 වැනි ලියෝ පාප්තුමන් ද ඉදිරිපත් වීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කළේය.
පාප්තුමන් හමුවීමෙන් පසු, යුක්රේන ජනාධිපතිවරයා ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මොලෝනී අතරේ ද හමුවක් පැවැත්විණි. රුසියන් යුක්රේන යුද්ධයේ දී මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය මෙන්ම ඉතාලිය ද සහාය දක්වන්නේ යුක්රේනයටය.