WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මොරොක්කෝවේ ගොඩනැගිලි දෙකක් කඩා වැටී 22 මරුට

2025 December 11- Page Views : 12

මොරොක්කෝවේ ෆෙස් නගරයේ ගොඩනැගිලි දෙකක් කඩා වැටී පුද්ගලයන් 22 දෙනකු මිය ගොස් තවත් 16 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බදාදා අලුයම කඩා වැටුණු සිව් මහල් නේවාසික ගොඩනැගිලි දෙකෙහි පවුල් අටක් සිටි බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම වන විට එක් ගොඩනැගිල්ලක් හිස්ව පැවති බවත්, අනෙක් ගොඩනැගිල්ලෙ දරුවකුගේ උපත වෙනුවෙන් උත්සවයක් පවත්වමින් සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නගරයේ නව කොටසේ නිරිතදිග අල් මස්සිරා උපනගරයේ පිහිටා ඇති මෙම ගොඩනැගිලි වසර ගණනාවක් තිස්සේ පිරිහීමේ සලකුණු පෙන්නුම් කර ඇති බව මොරොක්කෝ ප්‍රවෘත්ති ආයතන කිහිපයක් වාර්තා කරන බවත් දැන් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුවෙමින් පතිින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊසානදිග මොරොක්කෝවේ පිහිටි ෆෙස්, උතුරු අප්‍රිකානු ජාතියේ පැරණිතම නගරවලින් එකක් වේ.

මේ වන විට අවට ගොඩනැගිලිවල පදිංචිකරුවන් ඉවත් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

කඩා වැටීමට හේතුව සහ තත්වයන් පිළිබඳව පරීක්ෂණයක් දැන් ආරම්භ කර ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙරද අවස්ථා කීපයකදීම ෆේස් හි ගොඩනැගිලි කඩා වැටීමෙන් පුද්ගලයින් මිය ගිය බව වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසයි.