ආසියා පැසිපික් අරමුදලින් ඩොලර් මිලියන තුනක්
2025 December 11- Page Views : 10
පශ්චාත් ආපදා සහන සහ පුනරුස්ථාපන කටයුතු සඳහා ආසියා පැසිෆිත් ආපදා ප්‍රතිචාර අරමුදලින් ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රෝග පැතිරීම් ඇතුළු ස්වභාවික උපද්‍රව හේතුවෙන් ඇති වන ව්‍යසනයන් පසු ජීවිතාරක්ෂක සේවාවන් වහාම යථා තත්ත්වයට පත් කිරීම සඳහා සංවර්ධනය වෙමින් පවතික සාමාජික රටවලට ප්‍රදාන සැපයීම සඳහා ආසියා සංවර්ධන බැංකුව 2009-04-01 වන දිසා ආසියා පැසිෆික් ආපදා ප්‍රතිචාර අරමුදල පිහිටුවා ඇත.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ පෑමට සිදුව ඇති ආපදාවට අදාළව ක්‍රියාත්මක කරනු ලබන හදිසි ප්‍රතිචාර ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිය ශ්‍රී ලංකා රජය විසින් ආසියානු සංවර්ධන බැංකුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව, ආසියා සංවර්ධන බැංකුව විසින් ආසියා පැසිපික් ආපදා ප්‍රතිචාර අරමුදලට ඇමරිකා ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත.
පීඩාවට පත් ප්‍රජාවන් සඳහා ජීවිතාරක්ෂක සේවා සැපයීමට එකී අරමුදල මගින් අවශ්‍යතා සම්පාදනය කර ගැනීමට අපේක්ෂා කරනු ලබන අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.