නවසීලන්තයට කඩුලු 07ක විශිෂ්ට ජයක්
2026 January 15- Page Views : 1881
ඉන්දිය කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරගය සංචාරක නවසීලන්තය කණ්ඩායම කඩුලු 07කින් ජයගැනීමට සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 284කි.
එහිදී කේ.එල් රාහුල් ලකුණු 112ක් සහ ශුබ්මන් ගිල් ලකුණු 56ක් ලබාගත්තහ.
පන්දුයැවීමේදී ක්‍රිස්ටින් ක්ලාර්ක් කඩුලු තුනක් දවාගැනීමට සමත් විය.
අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට පන්දුවාර 47.3ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී තරගය ජයගත්තහ.
එහිදී ඩැරියල් මිචෙල් නොදැවි ලකුණු 131ක් සහ විල් යන්ග් ලකුණු 87ක් ලබාගැනීමට සමත් වූහ.
පන්දුයැවීමේදී හර්ෂිත් රාණා, ප්‍රසිද්හ් ක්‍රිෂ්ණා සහ කුල්දීප් යාදෙව් එක් කඩුල්ල බැගින් දවාගත්තහ.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලිය එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙති.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක තරගය ලබන 18 වැනිදා ඉන්ඩෝර්හිදි ආරම්භවීමට නියමිතය.