තාවි සමරවීර බහරේන් TT ශූරතාවත් දිනයි
2026 January 20- Page Views : 34
වයස අවුරුදු 11න් පහළ ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම ස්ථානය හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාවේ දස හැවිරිදි තාවි සමරවීර, 2026 වසරේ සිය ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
බහරේන්හි පැවති "World Youth Contender" ජාත්‍යන්තර මේස පන්දු තරගාවලියේදී 11න් පහළ පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමටයි ඔහු සමත් වුණේ.
අවසන් මහ තරගයේදී බහරේනයේ යූසුෆ් අල්බානා (Yusuf Albanna) පරාජය කරමින් තාවි ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.