යුද ගැටුම් හමුවේ ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක් අවතැන් වෙයි
2026 March 10- Page Views : 8
පවතින යුද ගැටුම් හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක් පමණ අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ලෙබනනයේ සමාජ කටයුතු අමාත්‍ය හනීන් සයිඩ් පෙන්වා දෙන්නේ රජයේ නවාතැන් 560ක් මේ වන විට අවතැන්වූවන් සඳහා විවෘත කර ඇති බවය.
ඉරානයේ හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබීය.