WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකානු යානය කඩා වැටීමේ වගකීම ඉරාක සන්නද්ධ කණ්ඩායමක් භාරගනී

2026 March 13- Page Views : 11

අමෙරිකානු හමුදාවට අයත් 'Boeing KC-135 Stratotanker' යානයක් ඉරාකය තුළදී අනතුරට ලක්වීමේ සිදුවීමේ වගකීම ඉරානයට හිතවත් ඉරාක සන්නද්ධ කණ්ඩායමක් විසින් භාරගනෙ තිබේ.

ඉරානයට එරෙහි මෙහෙයුමට සහභාගී වූ අමෙරිකානු ඉන්ධන පිරවුම් ගුවන් යානයක් මෙලෙස කඩාවැටුණු අතර, එහි ගලවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා බ්‍රහස්පතින්දා පැවසීය.

එහිදී ඔහු පවසා සිටියේ, මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ තම හමුදා වෙතින් එල්ල වූ ප්‍රහාරයක් නොවන බවත්ය.

කෙසේ වෙතත් ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් වන 'The Islamic Resistance ​in Iraq' මෙම යානය බිම හෙළීමේ වගකීම භාරගෙන ඇත.

තම රටේ ස්වෛරීභාවය සහ ගුවන් අවකාශය ආරක්ෂා කිරීම සඳහා KC-135 ගුවන් යානයට වෙඩි තැබූ බව එම කණ්ඩායම නිකුත්කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.

කඩාවැටුණු යානයේ අවම වශයෙන් කායර් මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සිටි බව සඳහන්ය.