WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලොව පුරා සිටින අමෙරිකානුවන්ට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2026 March 23- Page Views : 10

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ලොව පුරා සිටින අමෙරිකානුවන්ට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යාවාත්කාලීන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

සිය X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය හේතුවෙන් ලොව පුරා මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග සිටින අමෙරිකානුවන්ට වැඩි අවධානයක් යුතුව කටයුතු කරන ලෙසය.

ඒ අනුව සියලු අමෙරිකානුවන් ළඟම පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය විසින් නිකුත් කර ඇති ආරක්ෂක අනතුරු ඇඟවීම්වල මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

කාලානුරූපව ගුවන් අවකාශය වසා දැමීම මෙන්ම මැද පෙරදිගින් පිටත ඇතුළුව එක්සත් ජනපද රාජ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් ඉලක්ක විය හැකි බවත් ඉරානයට සහාය දක්වන කණ්ඩායම් විදේශයන් හී අනෙකුත් එක්සත් ජනපද අවශ්‍යතා හෝ එක්සත් ජනපද හා ලොන පුරා අමෙරිකානුවන් හා සම්බන්ධ ස්ථාන ඉලක්ක විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත.

මේ හේතුවෙන් වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙසත් දන්වමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව පුරා සිටින සියලු අමෙරිකානුවන්ට යාවාත්කාලීන අනතුරු ඇඟවීමක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.