WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අපරාධ රැසකට සම්බන්ධ හොර දොස්තර පොළොන්නරුවේදී අත්අඩංගුවට

2026 May 06- Page Views : 8

අපරාධ රැසකට සම්බන්ධ බව කියන ව්‍යාජ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙකි.

පොළොන්නරුව දීප උයන අසලදී මෙම සැකකරු ඊයේ (05) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ සඳහන් කරයි.

බොරැල්ල, නුවර, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් ස්ථාන මගින් මෙම සැකකරු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු වසර දෙකක කාලයක් බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙක් බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණවී ඇත.

මෙම ව්‍යාජ වෛද්‍යවරයා සතුව තිබී වෙද නලාවක්, වෛද්‍ය නිල ඇඳුමක් සහ ව්‍යාජ හැඳුනුපතක් ඇතුළු තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රසූතිකාගාරයේ සේවය කරන වෛද්‍යවරයෙකු ලෙසට පෙනී සිට ඇති බවට තොරතුරු අනාවරණවී ඇත.

මොහු අද (06) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.