WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අනිද්දා සිට

2026 May 06- Page Views : 8

ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් ලියාපදිංචිය අනිද්දා (08) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ, ලබන 18 වෙනිදා දක්වා මේ සඳහා ලියාපදිංචි විය හැකි බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk හරහා ක්‍රියාත්මක වන මෙම මාර්ගගත ලියාපදිංචිවීමේ අවස්ථාව විවෘතව පවතිනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දිවයිනේ ප්‍රධාන ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වීමට සැලැසුම් කර තිබේ.

ඒ අනුව කොළඹ එස්.එස්.සී සහ ආර්. ප්‍රේමදාස, මහනුවර පල්ලෙකැලේ හා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ද තරග සඳහා සත්කාරකත්වය සපයනු ලබයි.

මෙම තරගාවලිය ලබන ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතය.