විශේෂ විදුලි ගාස්තු සංශෝධනයට අදාළ තීරණය අද
2026 May 09- Page Views : 7
2026 වසරට අදාළ යෝජිත විශේෂ විදුලි ගාස්තු සංශෝධනය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා සිය සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත පසුගියදා ඉදිරිපත් කර තිබුණි.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම මෙම විදුලි ගාස්තු ඉහළ නැංවීමේ ඉල්ලීමට හේතුව වී ඇති බව සඳහන්ය.
ඊට අදාළ වාචික අදහස් දැක්වීමේ අවස්ථාව ද පසුගියදා නිමාවට පත්වුණි.
කෙසේවෙතත් බාල ගල්අඟුරු හේතුවෙන් සිදුවන අලාභය විදුලි ගාස්තුවට එකතු කිරිමට පියවර නොගන්නා බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර තිබුණි.
මේ අතර 2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගියදා අනුමැතිය ලබාදුනි.
සියයට 14.4 ත් සියයට 8ත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු ඉහළ දැමීමට එහිදී පියවර ගැනුණි.