වෙඩිතැබීමේ සිද්ධියක් නිසා පිලිපීනයේ සෙනට් සභාව අඟුලු දමයි
2026 May 14- Page Views : 11
අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) මඟින් සොයනු ලබන සෙනෙට් මන්ත්‍රීවරයෙකු රැකවරණය පතා සෙනට් මණ්ඩල ගොඩනැඟිල්ල තුළ රැඳී සිටීම හේතුවෙන් පිලිපීනයේ සෙනෙට් මණ්ඩල ගොඩනැගිල්ල වසා දමා ඇත. එම ගොඩනැගිල්ල වෙත හමුදා නිලධාරීන් ඇතුළුවීමත් සමඟ මෙලෙස ගොඩනැගිල්ල වසා දමා තිබේ. එහිදී වෙඩි හඬවල් කිහිපයක්ම ඇසුණු බව විදෙස් වාර්තා සඳහන් කර ඇතත් වෙඩි තැබීම සිදුකලේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් බළධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත. කෙසේවෙතත් සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව ඔවුහු පැවසූහ. සෙනෙට් මන්ත්‍රී රොනල්ඩ් ඩෙලා රෝසා මීට පෙර කියා සිටියේ තමා අත්අඩංගුවට ගැනීම නියත වශයෙන්ම සිදුවනු ඇතැයි තමා විශ්වාස කරන බවත්, එය වළක්වන ලෙස පිලිපීන ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්ය. ඔහු ආරක්ෂිතව සහ ආරක්ෂක නිලධාරීන් සමඟ පසුවන බව නිලධාරීන් පැවසීය. හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ට්ගේ මත්ද්‍රව්‍යවලට එරෙහි මෙහෙයුම්වලදී පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කරමින් පුද්ගලයන් දස දහස් ගණනක් ඝාතනය කළ බවට ඔහුට අන්තර්ජාතික අපරාධ අධිකරණය මඟින් චෝදනා එල්ල කර ඇත. එම මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි සැකකෙරෙන දහස් ගණනක් වෙඩි තබා ඝාතනය කෙරුණු බව වාර්තා වේ.