WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිස නැවතත් රිමාන්ඩ්

2026 May 15- Page Views : 26

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වියට්නාම ජාතිකයින් 74 දෙනා මෙවැනිම සයිබර් අපරාධ සම්බන්ධයෙන් කාම්බෝජයෙන් පිටුවහල් කළ පුද්ගලයින් බවට අනාවරණය වී තිබේ.

කොල්ලුපිටිය පොලීසිය අද (15) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කරුණු වාර්තා කරමින් මේ බව සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේදි කොල්ලුපිටිය පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේ ඔවුන් වීසා කොන්දේසි උල්ලංගණය කර ඇති බවය.

මෙම පිරිසට වැටුප් ලබා දී ඇත්තේ මෙරට කාන්තාවක් බවත් වැටුප් ගෙවීමට මුදල් එවන ලද පුද්ගලයා තමන් නොදන්නා බවත් ඇය ප්‍රකාශ කර ඇතැයිද කොල්ලුපිටිය පොලීසිය මෙහිදී අධිකරණය හමුවේ සඳහන් කළේය.

එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර විදෙස් ජාතිකයින් පිරිස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

ඒ අනුව අදාළ වියෙට්නාම ජාතිකයින් පිරිස එළැඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.