WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කළු ගඟේ පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක්

2026 May 23- Page Views : 137

කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාර්මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

අද පෙරවරු 8.30 සිට පැය 24ක කාලයක් දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදු කරන බව එම දෙපාර්තමේන්තු සඳහන් කර සිටී.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය, කළුතර, බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්.