සුළඟින් පුත්තලමේ නිවාස 200කට හානි
2026 May 24- Page Views : 137
මහ වැසිත් සමඟ හමා ආ තද සුළඟින් හලාවත මැදවත්ත,හා වැල්ල ප්‍රදේශයෙ නිවාස 200 ට ආසන්න සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.එම්.ඉන්දික සිල්වා මහතා පැවසිය.
නිවාස වහල වලට හානි වි ඇති බවත් ඒ හේතුවෙන් නිවෙස් වල තිබු උපකරණ වලටද හානි සිදුව ඇති බව ආපදා නිළධාරීන් පවසයි. උළු හා ඇස්බැස්ටෝ සුළගට ගසා ගෙන යාමත් සමග නිවෙස් වලට තාවකාලිව පිලියම් යොදමින් එය සකසා ගැනිමට පිරිස් එක්ව තිබුණි.
මෙලෙස පිඩාවට පත්වු පිරිස් වෙත අදාල සහන කටයුතු හලාවත ප්‍රාදේශීය ලේකම් බල කාර්යාලයේ සහන සේවා නිළධාරීන් මගින් කටයුතු කරමින් ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා සහන සේවා නිළධාරී බී.වි.චමින්ද කුමාර මහතා පැවසිය.