වෙසක් පොහොයට දන්සල් දෙන අයට විශේෂ දැනුවත් කිරීමක්
2026 May 28- Page Views : 8
වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සල් 15,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, දන්සල් ලියාපදිංචිය සදහා තවදුරටත් අවස්ථාව හිමි වන බවය.
විශේෂයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල බෝවන රෝග කිහිපයක් වාර්තා වන බැවින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස ද දන්සල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරන බව චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල තොරණ, පහන් කූඩු, වෙසක් කළාප රැසක් සංවිධානය කර තිබේ.
වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් බෞද්ධ ජනතාව ද සූදානම් වෙමින් සිටින අතර ඒ සඳහා සිය නිවෙස් වෙසක් කූඩු ඇතුළු සැරසිලිවලින් අලංකාර කිරීමට කටයුතු කරමින් සිටී.
පෙර වසරවලට සාපේක්ෂව මෙවර වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලිවල මිල යම් ප්‍රමාණයකින් ඉහළ යාමක් සිදු වුව ද අලෙවියේ සැළකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව ද වෙළදුන් සදහන් කළේය.