මධ්‍යම අධිවේගයේ රඹුක්කන - ගලගෙදර කොටසේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ
2026 May 29- Page Views : 134
මධ්‍යම අධිවේගි මාර්ගයේ තුන්වැනි කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු අද (29) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් මෙම අදියර යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවය.
ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් මේ වනවිට සිදු කෙරෙන අතර, එම කටයුතු ලබන වසරේ මැද භාගය වනවිට අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන බව වාර්තා වෙයි.
පළමු අදියර සඳහා රුපියල් බිලියන 78ක මුදලක් වැය වන අතර, දෙවැනි අදියරේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 112.4ක මුදලක් වැය කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලුම අරමුදල් දේශීය අරමුදල් මගින් සපයා ඇති අතර, ඉදිකිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගම් විසින් සිදු කරනු ලබයි.