WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉබෝලා සැකයෙන් බ්‍රසීලයේ දෙදෙනෙකු නිරෝධායනයට

2026 June 01- Page Views : 15

බ්‍රසීලයේ ඉබෝලා වයිරසය ආසාදනය වී ඇති බවට සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

සාඕ පවුලෝ සහ රියෝද ජෙනෙයිරෝ නගරවල පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස නිරෝධායන ක්‍රියාවලිය යටතේ ප්‍රතිකාර සදහා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උගන්ඩාවේ සිට පැමිණි බෙල්ජියම් ජාතිකයකු සහ කොංගෝ ජාතිකයකුට උණ ඇතුළු සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් මෙලෙස ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව සඳහන්.

ඔවුන්ට ඉබෝලා වයිරසය ආසාදනය වී ඇත්ද යන්න සිදු කළ පරීක්ෂණ වාර්තා එළඹෙන සතියේදී ලැබෙනු ඇති බවද බ්‍රසීල සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කර ඇත.