ගුවන් හමුදාවට අමෙරිකාවෙන් ලැබුණ හෙලිකොප්ටර් දිවයිනට ළඟාවෙයි
2026 June 02- Page Views : 137
අමෙරිකානු එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා දහය දිවයිනට ළඟා වී තිබේ.
මෙම නව යානා එකතුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිගුකාලීන මෙහෙයුම් අවශ්‍යතා සපුරාලමින් එහි සමස්ත බලඇණිය ශක්තිමත් කිරීමට ලැබුණු සුවිශේෂී දායකත්වයකි.
දිවයිනට ළඟා වූ මෙම හෙලිකොප්ටර් යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී එකලස් කෙරෙන අතර, ඉදිරි දින කිහිපය තුළ අවශ්‍ය තාක්ෂණික පරීක්ෂණ අවසන් කිරීමෙන් අනතුරුව නිල මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට නියමිතය.
මෙම යානා ප්‍රධාන වශයෙන්ම ගුවන් නියමු පුහුණුව, ආපදා ප්‍රතිචාර මෙන්ම සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් (SAR) ඇතුළු විවිධ මානුෂීය කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂිතය.