වෙල්යායක තිබී මළ සිරුරක් සොයා ගැනේ
2026 June 09- Page Views : 136
අහංගම, උඩුමුල්ලවත්ත, තිත්තගල්ල ප්‍රදේශයේ වෙල්යායක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ තිත්තගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා තම කුඹුරේ වැඩට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස සැකකටයුතු ලෙස වෙල්යාය තුළ මියගොස් ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
අහංගම පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.