තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්
2026 June 09- Page Views : 15
ග්‍රෑන්ඩ්පාස් ලූකස් පාර හන්දිය අසලදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
තොටලඟ හන්දිය දෙස සිට පෑළියගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ප්‍රයිමූවර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ පැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් වූ පැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ ප්‍රයිමූවර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
පයාගල, මලේගොඩ දොඩංගොඩ මාර්ගයේ පහල අංගොඩ හන්දිය අසලදී දොඩංගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන්කළ පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු හා යතුරුපැදිකරු කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් පයාගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.