පුංචි මල් කැකුළට හදිකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
2026 June 13- Page Views : 135
වයස අවුරුදු 05ක් වන පෙර පාසල් වයසේ කුඩා දැරියකට ලිංගික අතවර කළ බව පැවසෙන 65 හැවිරිදි ව්‍යාපාරිකයෙකුව අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය පවසයි.
පොලීසිය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාදම්පේ, කරුකුවටව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අතවරයට පත්ව ඇති දැරිය බිස්කට් මිලදී ගැනීම සඳහා සැකකරු විසින් පවත්වා ගෙන යනු ලබන වෙළෙඳසැල වෙත ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී දැරියව වෙළෙඳසැල තුළට ගෙන අදාළ සැකකරු මෙම අතවරය සිදුකර ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
දැරියගේ මව විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබුණි.
අතවරයට පත් දැරිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.