කැලණි පාලම අසල නාඳුනන මළ සිරුරක්
2026 June 18- Page Views : 5
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත කැලණි පාලම ආසන්නයේ නාඳුනන මෘත ශරීරයක් ගොඩ ගසා ඇති බවට ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු අවුරුදු 35 - 40ක් පමණ වන පිරිමි අයෙකු බව පොලීසිය පැවසීය.
උස අඩි 05 අඟල් 05ක් පමණ වන අතර කොණ්ඩය අඟලක් පමණ දිගට වවා ඇති බවත් උඩුකය නිරුවත් වන අතර නිල් පැහැති බොටම් කලිසමක් හැඳ සිටින බවත් පොලීසිය පවසයි.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර අති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.