WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි සිඟිත්තියක් ජීවිතක්ෂයට

2026 June 23- Page Views : 135

ධර්මපුරම් පොලිස් වසමේ පිරිමන්දාරු ප්‍රදේශයේදී අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දැරියක් මියගොස් ඇති බවට ධර්මපුරම් පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 02ක් වයසැති සිඟිත්තියක් වන අතර, ඇය පදිංචිව සිටි නිවසට යාබඳ නිවසක් ආසන්නයේ අනාරක්ෂිතව ලෙස ජලය පිරී තිබූ ළිඳකට වැටී ඇති අතර, ඉන් ගොඩට ගෙන රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

මෘතදේහය ධර්මපුරම් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ධර්මපුරම් පොලීසිය විසින් විමර්ශන සිදුකරනු ලබයි.