WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුනඛයාට පහරදුන් තරුණයා අත්අඩංගුවට

2026 June 28- Page Views : 138

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ, සුනඛයෙකුට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 

කල්මුණ පොලිස් වසමේ අශ්රෝෆ් රෝහල අසලදී පුද්ගලයෙකු විසින් සුනඛයෙකුට අමානුෂික ලෙස පහරදීමකට අදාල වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.

අදාළ විඩියෝව සම්බන්ධයෙන් කල්මුණ පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව සුනඛයාට පහරදුන් සැකකරු ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 21ක් වන කල්මුණකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.