ජය සමරන්න පැරගුවේ ජනතාවට ලැබුණු නිවාඩුව
2026 June 30- Page Views : 4
පාපන්දු ලෝක කුසාලන තරගාවලියේ ජර්මනිය කණ්ඩායම පරාජය කිරීමේ සතුට සැමරීම සඳහා අඟහරුවාදා දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පැරගුවේ ජනාධිපති සැන්ටියාගෝ පෙනා කටයුතු කර තිබේ.
ඒ සඳහා වන නියෝගයකට අත්සන් තබන ඡායාරූපයක් සිය X ගිණුම වෙත එක් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
දකුණු අමෙරිකානු රටක් වන පැරගුවේ කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලාන තරගවලියේ දඬුවම් පහර 4-3ක් ලෙස ජර්මනිය පරාජයට පත් කළේය.
ඒ අනුව ඔවුන් අදාළ තරගාවලියේ 16 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලැබීය.