ඩෙංගු මඩින්න කඩුවෙලින් අපූරු වැඩක්
2026 July 04- Page Views : 7
ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව කඩුවෙල මහ නගර සභාව විසින් 'කුණු පොළ' නමින් සුවිශේෂී ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
පරිසරය පිරිසිදුව තබා ගනිමින් කසළ විධිමත්ව බැහැර කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන, පැලවත්ත බටපොත පිහිටි රොබට් ගුණවර්ධන මාවත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාවට නැංවේ.
මෙමඟින් ප්‍රදේශයේ නිවාසවල එක්රැස් වන, මදුරුවන් බෝවීමට ඉඩ ඇති ද්‍රව්‍ය, පැරණි ටයර් සහ දිරාපත් නොවන වෙනත් අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කිරීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දී ඇත.