WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මත්පෙති, කොකේන් සහ කුෂ් සමග 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

2026 July 11- Page Views : 141

මත්පෙති, කොකේන් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ කොළඹ මාධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවය.

සැකකරු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 69ක්, කොකේන් ග්‍රෑම් 18ක් හා මත්පෙති 40ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.