ඉරානයෙන් තවත් නෞකාවට ප්‍රහාරයක්
2026 July 12- Page Views : 8
අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ තවත් නෞකාවට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය පවසයි.
හොමූස් සමුද්‍ර සන්ධියේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.
එමෙන්ම ඉරානය අනතුරු අඟවා සිටින්නේ අමෙරිකානු-ඊශ්‍රායල ආක්‍රමණ ලෙස හඳුන්වන මෙවැනි ක්‍රියා තවදුරටත් ඉදිරියට ගෙන ගියහොත් විනාශකාරී ප්‍රතිචාරයන් අත්වනු ඇති බවය.
සයිප්‍රස් ධජය සහිත නෞකාවක් අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කිරීමත් සමගින් ඉරානය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයත් සමග ඇතිවූ තත්ත්වයන් හේතුවෙන් නැවත හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන තිබුණි.