WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දීය තරුණ විරෝධතාකරුවන්ගේ අභියෝගයට මුහුණදීමට මෝදිගෙන් අපූරු උපායක්

2026 July 25- Page Views : 17

ඉන්දියාවේ සිසු නැගිටීම් උත්සන්න වී මෝදි රජය සිය පාලන ඉතිහාසයේ දරුණුතම විරෝධතා රැල්ලට මුහුණ දෙමින් සිටී.

ඒ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් Cockroach Janta Party (CJP) තරුණ දේශපාලන ව්‍යාපාරය, කොංග්‍රස් මන්ත්‍රීන්ගේ සහායද සහිතව නැගීසිටීම හේතුවෙනි.

මෙම අභියෝගයට මුහුණ දීමට අගමැති මෝදි ඊයේ අපූරු උපායක් යොදා තිබුණි.

ඒ අනුව ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඉතා සැලකිමත්ව කටයුතු කරන ඔහු Instagram වර්ගයේ සෙල්ෆි වීඩියෝවක් තරුණ ප්‍රජාව ආමන්ත්‍රණය කරමින් සමාජ මාධ්‍ය වෙත එක් කළේය.

එය ආධුනික මට්ටමේ වීඩියෝවක් වූ අතර මෝදිගේ සාමාන්‍ය වීඩියෝ මෙන් අතිශය සුමට සහ ස්ථාවර රූප රාමුවක් නොවීය.

එය අද වනවිට මිලියන 300 ඉක්මවූ නැරඹුම් වාර සටහන් කර තිබේ.

මෙම ප්‍රතිචාරවලට ස්තූතිය පළ කරමින් මෝදි අගමැතිවරයා අද වීඩියෝවක්  Instagram වෙත නිකුත් කර තිබේ.

මෝදි අගමැතිවරයා සිය කැබිනෙට්ටුවටද කියා ඇත්තේ Instagram වර්ගයේ තරුණ ආමන්ත්‍රණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ය.