Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රිය වෘත්තීය සමිති ‘වර්ජනය’ ගැන තීන්දුවක් ගනී

|Wed,03 July 2019|Special| Page Views :

සෑම බ‍්‍රහස්පතින්දාවකම මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කිරීමට සැලසුම්. කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන් පවසන්නේ ප‍්‍රවාහන බලධාරීන් දුම්රිය සේවක අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට එරෙහිව ඉදිරියේදී දැඩි වෘත්තිය කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවයි.

ඒ පිළිබද කරුණු දැක්වූ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ සියලුම වෘත්තීය සමිති මේ සඳහා එකතු වෙන බවයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියළු දුම්රිය වෘත්තිය සමිති අද (03) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න