Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොළඹ කසල ඉවත් කරද්දී තවත් ගැටලුවක් මතු වේ

|Tue,13 August 2019|Special| Page Views : 202

අලුත් පුවත්
ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද රැස්වෙයි
කොළඹ – කොචින් ගුවන් සේවා යළිත් ඇරඹේ
ජලාශ කිහිපයක වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
කසල බැහැර කිරීම පොලිස් ආරක්ෂාව යටතේ
බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 3ක් ජීවිතක්ෂයට
අයිස් සමඟ දෙදෙනෙක් ගුවන් තොටේ දී අල්ලයි
3වැනි රන්දෝලි පෙරහැර අද
හජ්ජි උත්සවය අදයි
 
කොළඹ නගරයේ එකතු වූ කසල මෙට්‍රික් ටොන් 1,000ක් පමණ තවදුරටත් ඉවත් කිරීමට ඇති බව. කොළඹ මහ නගර සභාව පවසනවා. එහි නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර කියා සිටියේ ගතවූ දින කිහිපය තුළ ගොඩගැසුණු කසලවලින් අඩක් පමණ අරුවක්කාලු සනීපාරක්ෂක කසල අංගනය වෙත බැහැර කළ බවයි.

දෛනිකව කසල බැහැර කිරීම සඳහා අතිවිශාල මුදලක් වැයවන බවත්, එය මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇති බවත්, නාගරික කොමසාරිස්වරයා මාධ්‍ය වෙත කියා සිටියා.

එහිදී “එක ටිපර් රථයක කසල මෙට්‍රික් ටොන් 10ක වගේ ප්‍රමාණයක් තමයි ප්‍රවාහනය කෙරෙන්නේ. එවැනි ටිපර් රථ 20ක් යැව්වොත් දෛනිකව අපිට ලක්ෂ 20ක වගේ මුදලක් දරන්න වෙලා තියෙනවා. මේකට කවුරුත් අපිට මුල්‍යමය වශයෙන් උදව් කරන්නේ නෑ. නගරවාසීන්ගෙන් එකතු කරන බදු මුදල් තමයි මේකට අපිට යොදවන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අධික මුදල අඩු කර ගැනීම ගැන අද අපි සාකච්ඡා කරනවා.. මේ සඳහා ගතහැකි වෙනත් විකල්ප ගැනත්. ” යනුවෙන් සඳහන් කළා.

බැහැර කිරීමට ස්ථානයක් නොමැතිවීම හේතුවෙන් කසල ගොඩගැසී ඇති ස්ථාන කොළඹ නගරයේ තවදුරටත් දැකගත හැකියි. වර්ග කරන ලද කසල බැහැර කිරීම සඳහා ජනතාව අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බවයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පැවසුවේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න