Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ක්‍රිකට් පන්දුවට වෙන්න යන දේ මෙන්න

|Tue,13 August 2019|Security| Page Views : 333

අලුත් පුවත්
සේනානායක සමුද්‍රයේ ජල මට්ටමේ අඩුවීමක්
දන්කොටුවේ හොර අරක්කු මධ්‍යස්ථානයක් වටලයි
නීති විරෝධී බීඩි කොල තොගයක් අත්අඩංගුවට
කොළඹ කසල ඉවත් කරද්දී තවත් ගැටලුවක් මතු වේ
ඉන්ධන මිල සුත්‍ර කමිටුව අද රැස්වෙයි
කොළඹ – කොචින් ගුවන් සේවා යළිත් ඇරඹේ
ජලාශ කිහිපයක වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
කසල බැහැර කිරීම පොලිස් ආරක්ෂාව යටතේ
 
ඕස්ට්‍රේලියානු සමාගමක් මඟින් නිපදවන ලද විශේෂ මයිකේ‍රා් චිපයක් සහිත ‘ස්මාර්ට් ක්‍රිකට් පන්දුව’ එළිදැක්වීම පසුගියදා ලන්ඩන් නුවර ලෝඩ්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වයෙන් සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත් මීළඟ ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී මෙම පන්දුව පළමුවරට අත්හදා බැලීමට නියමිතය.

මෙම ස්මාර්ට් ක්‍රිකට් පන්දුව මඟින් එය යවන වේගය, පන්දු යවන්නා විසින් පන්දුව මුදාහල ස්ථානය (අඥතඥචඵඥ නධඪදබ), තණතිල්ල හැසිරෙන ආකාරය, පන්දුව තණතිල්ල මත පතිතවීමට පෙර වේගය, පන්දුව තණතිල්ල මත පතිතවීමෙන් පසු වේගය, පන්දුවේ දෝලනය සහ පන්දුවේ ගමන් මාර්ගය සම්බන්ධයෙන් ක්‍ෂණිකව නිවැරැදි වාර්තා ලබාගැනීමේ හැකියාව පවතින අතර, මේ වනවිට භාවිත වන ක්‍රමවේදයට වඩා නිවැරදි දත්ත මෙම ස්මාර්ට් පන්දුවෙන් ලබාගත හැකි බවද එහි නිෂ්පාදකයෝ පවසති.

එමෙන්ම වර්තමාන දඟ පන්දු යවන්නන්ගේ විප්ලවීය වෙනස්කම් ද මෙම පන්දුව මඟින් ක්‍ෂණිකව ග්‍රහණය කරනිමින් මින් පෙර නොවූ විරූ අයුරින් එම අවස්ථාවේදීම ලබාගැනීමේ හැකියාව පැවැතීමද මෙම පන්දුවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි.

කෙසේ වෙතත් මීට වසර 3කට පමණ පෙර මෙම පන්දුව අත්හදා බලා තිබුණද ඒ වනවිට එහි තිබූ තාක්ෂණික දෝෂද මේ වනවිට නිරාකරණය කර ඇති බවද මෙම පන්දුවේ නිෂ්පාදිත සමාගම පවසයි. ඒ අනුව පැයට කිලෝමීටර් 150කට අධික වේගයෙන් යවන පන්දුවකට පිතිකරුවෙක් වැරෙන් එල්ල කරන පහරක් වුවද අවශෝෂණය කරගනිමින් නිවැරදි දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව මෙම නව පන්දුව සතු බවද පැවැසේ.

මේ අතර ඉදිරියේදී විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ කටයුත්තේදී වඩාත් නිවැරදි තීරණ ලබාදීම සඳහා මෙම පන්දුව යොදාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට අවශ්‍ය සැලසුම් සකස්කර ඇති බවද එම වාර්තාවන්වල වැඩිදුරටත් දැක්වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න