Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු 20-20 තරඟය අද

|Sun,01 September 2019|Special| Page Views : 23

අලුත් පුවත්
තෙවන වාරය සදහා පාසල් හෙට ඇරබේ
ශ්‍රී ලංකන් ගුවන් සේවය හතළිස් වසරක් සපුරයි
යුරෝපා සංගමයෙන් යළිත් සිහි කැදවීමක්
බෝරාවරුන්ගේ සමුළුව අද කොළඹදී
නව හුවාවී‍ දුරකථනවලින් ගූගල් යෙදවුම් ඉවතට
විරෝධතාවක් අතර ගැටුමක්
ජාතික පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සියල්ල සුදානම්
බංගලාදේශය කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්
 
සංචාරක නවසිලන්ත කණ්ඩායම සමඟ පන්දුවාර විස්ස ක්‍රිකට් තරඟය අද රාත්‍රී හතට මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

ඉතුක් වසරක කාලයක තුළ පන්දුවාර විස්ස තරඟයක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර නොමැති අතර එහි ශ්‍රේණි ගත වලින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ අටවන ස්ථානයයි. ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ප්‍රසාද ලකුණු 227ක් ඇති අතර හත්වන ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්ථානය සතු ප්‍රසාද ලකුණු ප්‍රමාණය 241කි.

මහනුවරට මේ වන විට කඩින් කඩ වැසි ඇද හැලෙන අතර මේ හේතුවෙන් ශ්‍රී ලංකා පිළට සිය පුුහුණුවීම්වලදී වර්ෂාවෙන් යම් යම් බාධා එල්ල වුනා. ඊයේ දහවල් කාලයේදී ද තරමක් දැඩි වර්ෂාවක් පල්ලකැලේ ප්‍රදේශයට ඇද වැටුනා.

අද ආරම්භ වන පන්දුවාර විස්ස තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග උසුලන අතර නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ජෙෂහාන් ජයසූරිය, දසුන් චානක, චනිදු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර සහ ළහිරු මධුෂංක යන ක්‍රිඩකයන් එහි තරඟ වදිනවා.

නවසිලන්ත සංචිතයේ නායකත්වය Tim Southee විසින් උසුලන අතර Todd Astle, Tom Bruce, Colin de Grandhomme, Lockie Ferguson, Martin Guptill, Scott Kuggeleijn, Daryl Mitchell, Colin Munro, Seth Rance, Mitchell Santner, Tim Seifert, Ish Sodhi, සහ Ross Taylor යන ක්‍රීඩකයන් සංචිතයේ වෙති.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න