Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනපතිට 68 යි

|Tue,03 September 2019|Special| Page Views : 75

අලුත් පුවත්
දියකාවා යුද අභ්‍යාසය ලබන 23 වනදා තෙක්
සහරාන්ගේ දියණිය හා බිරිඳ මව්පියන් බාරයට
පොලිසියේ 42කට මාරුවීම්
විධායක ජනාධිපතිවරයා සතු බලතල සිමා නොකල යුතුයි !
මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා දිවියෙන් සමු ගනී
පේරාදෙණියේ දුම්රිය අනතුරක්
පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ බස්රථ රියදුරු අත්අඩංගුවට
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 68 වන ජන්ම දිනය සහ අද (03දා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සම්මේලනයට ආශීර්වාද පතා දේව පූජාවක් මස්කෙළිය මාවුස්සාකැලේ සමන් දේවාලයේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මහතා ඇතුළු මස්කෙළිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විසින් ඊයේ (02දා) පවත්වනු ලැබීය.

මස්කෙළිය සමන් දේවාලයට පැමිණි උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ජී. රණසිංහ මහතා ඇතුළු ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මස්කෙළිය සමන් දේවාලයේ බුදු මැඳුරට ගොස් මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව සමන් දේවාලයේ දේව ආශීර්වාද පූජාව පවත්වන ලදී.

ආශීර්වාද පූජාව පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ උතුරමැද පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැටියට ජනාධිපතිතුමා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී කෙනෙක් කියන එක ඔප්පු කරලා තියෙනවා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ගත්ත දවසේ ඉඳලා එවැනි කටයුතු සිදුවුණා.

මධ්‍යම කාරක සභාව තීරණයක් ගත්තා පක්ෂයේ ව්‍යවස්ථාවෙන් බැහැරව, පටහැනිව කටයුතු කරන අයට විනය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා. ඒ අනුව ඉදිරියේදී තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගන්නවා ඇති.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න