Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කාන්තා පාපන්දු තරගාවලියේ ජය ඇමෙරිකාවට

|Thu,05 September 2019|Miscellaneous| Page Views : 27

අලුත් පුවත්
ලක්ෂ 5කට ID නෑ..87%වතුකරයෙන්
සංචාරක පැමිණීමේ 70.8%ක වර්ධනයක්
ජනපතිවරණයේ TNA සහය ජවිපෙට
කසල තේ අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට
තනතුරු නාම සංශෝධනයක්
පොලිස්පතිගේ දිවුරුම් ප්‍රකාශය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද
කන්ජිපානි ඉම්රාන් සහනයක් පතා අධිකරණයට යයි
අගමැති යළි දිවයිනට
 
ජාත්‍යන්තර මිත්ත්‍රත්ව කාන්තා පාපන්දු තරගාවලියේ ඊයේ(04) පැවැති තරගයකින් ජය වාර්තා කිරීමට ඇමෙරිකා කාන්තා පාපන්දු කණ්ඩායම සමත් විය. ඒ පෘතුගාල කාන්තා පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින්. තරගයේ පළමු අර්ධයේ සිට දෙපිලේ ක්‍රීඩිකාවන් ප්‍රෙව්ගකාරී ලෙස තරගයට අවතීර්ණ විය. නමුත් තරගයේ වැඩි වේලාවක් යන තෙක් දෙපිලටම ගෝල වාර්තා කිරීමට නොහැකි වු අතර තරගයේ 22 මිනිත්තුවේදී තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට ඇමෙරිකානු කාන්තා කණ්ඩායම සමත් විය. තරගයේ 32 වන මිනිත්තුවේදී පෘතුගාල ක්‍රීඩිකාවකගෙන් සිදු වු වැරැද්දක් හේතුවෙන් ඇමෙරිකානු පිලට දඩුවම් පහර අවස්ථාවක් හිමි වු අතර ඔවුන් විසින් එය සාර්ථක කර ගත්තේය. ඒ අනුව තරගයේ පළමු අර්ධ අවසන් වුණේ ගෝල 2ට 0ක් ලෙස ඇමෙරිකානු කාන්තා පිල ඉදිරියේ තබමින්. දෙවන අර්ධයේදී ද වැඩි වේලාවක් යන තෙක් ගෝල වාර්තා නොවු අතර තරගයේ 83 වන මිනිත්තුවේදී ඇමෙරිකානු ක්‍රීඩිකාවන් විසින් තවත් ගෝලයක් වාර්තා කළේය. එම අර්ධයේදී පෘතුගාල ක්‍රීඩිකාවන්ට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වු අතර තරගය අවසන් වුණේ ගෝල 3ට 0ක් ලෙස ඇමෙරිකානු කාන්තා කණ්ඩායමට ජය හිමි කර දෙමිනි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න