Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙරොයින් සමග 5ක් අත්අඩංගුවට

|Mon, 09 September 2019 |Miscellaneous| Page Views : 63

අලුත් පුවත්
'අළුබඳුන කි‍්‍රකට් ශූරතාව' ඕස්ට්‍රේලියාව සතුකර ගනී
පාසල් ගොඩනැඟිලි 500ක් අද සිසු අයිතියට‍
කෝට්ටේ පෙරහැරේ අලි කලබලයෙන් 17ක් රෝහලට
ජනාධිපති කාරක සභාව හමුවේ සාක්ෂි දෙන දිනය තීන්දු කරයි
මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙනස් වෙයි
මැතිව්ස් - දිමුත් සහ මාලිංග අකමැත්ත පළ කරයි
කර්මාන්තරුවන්ට ඉස්සන් නව ප්‍රභේද දෙකක්
යාපනයේ මත්පැන් අලෙවිසැලක ගින්නක්
 
හෙරොයින් සමග කුරුණෑගලදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික ගුවන් හමුදා සෙබලා සහ තවත් අයෙකු සම්බන්ධයෙන් දින 7ක රැඳවුම් නියෝග ලබා විමර්ශනය කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සෙසු සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වන දා දක්වා බන්ධනාගාරගත කර ඇති බවයි.

දුරකතනය හරහා මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරතව ඇති අදාළ සැකකරුවන් 5 දෙනා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගැනිණ.

පොලීසිය පැවසුවේ, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 240 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 13 කට අධික මුදලක් ද සිය භාරයට ගත් බවයි.

මල්ලවපිටිය, මල්කඩුවාව, මාඑළිය ප්‍රදේශවල පදිංචි 33, 28, 29, 26 සහ 59 යන වයස්වල පසුවන සැකකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසී ය.

පොලීසිය පැවසුවේ, එම සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත ඔවුන්ට හෙරොයින් ලබාදෙන පුද්ගලයා වූ 57 හැවිරිදි විශ්‍රාමික ගුවන් හමුදා සෙබලා දාගම, මාඑළියේදී අත්අඩංගුවට ගත් බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න