Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුල්ලිවයික්කාල්වල දැඩි පුපුරණ හඬක්

||Tue, 10 September 2019|Miscellaneous| Page Views : 109

අලුත් පුවත්
අද රෑට ඉන්ධන මිල වෙනස් වෙයි?
ප්‍රදේශ රැසකට අද පැය 18ක් වතුර නෑ
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක්
කඩු ප්‍රහාර වලින් බොහෝ දෙනෙකුට තුවාල
එළුඟ තමිල් රැළිය හරහා පැහැදිලි පුවතක් !
බස්නාහිර, සබරගමුව ඇතුළු පළාත් 5කට අදත් වැසි
හොදම පාසල ළගම පාසල ව්‍යපෘතිය යටතේ ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට
'සේනා'ට පසු තවත් දළඹු උවදුරක්
 
මුලතිව්,මුල්ලිවයික්කාල් ප්‍ර‍දේශයේ ඊයේ (09) රාත්‍රියේ දැඩි පුපුරණ හඬක් වැනි හඩක් ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසයි.

ප්‍රදේශවාසීන් පැවසූවේ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍ර‍ධාන මාර්ගය ආසන්න ප්‍රදේශයේ එලෙස පිපුරුම් හඩක් ඇසුණු බවයි.

මුල්ලිවයිකාල් 681බළසේනා මුලස්ථානය හා මුලතිව් නාවික හමුදා කදවුරු භූමිය පිහිටි අතරමැදි කලාපයේ අදාළ පිපිරීම් හඩ ඇසුණු බව මුල්ලිවයික්කාල් ප්‍රදේශවාසීන් පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසියෙන් සිදුකළ වාර්තාකරු විමසීමකදී පොලිසිය පවසා ඇත්තේ අදාළ ප්‍රදේශයේ කැළැව තුළ ඊයේ රාත්‍රියේ ගිනි ගැනීමක් ඇතිව තිබි ඇති අතර, පිපිරිම් සම්බන්ධයෙන් වාර්තා නොවන බවයි.

අදාළ පිපිරීම් හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවි ඇති බව වාර්තා වේ.

යුද්ධයේ අවසන් සටන් මුල්තිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වු අතර, ආරක්ෂක අංශහා එල් ටී ටී ඊ සංවිධානය සිට සටන් වෙනුවෙන් යොදාගත් පුපුරණ ද්‍රව්‍ය අදාළ ප්‍රදේශයන්ගේ පවතින බව මුලතිව් ආරක්ෂක අංශ පවසයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න