Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිරකරු සුබසාධන පළමු කොඩිය ජනපතිට පලඳවයි

|Tue, 10 September 2019|Miscellaneous| Page Views : 65

අලුත් පුවත්
ඒකාබද්ධයේ පක්ෂ නායක හමුවක් අද හවස
අළුබඳුන ටෙස්ට් තරගාවලියට යන එංගලන්ත සංචිතය නම් වෙයි
ලැව් ගිනිවලට හෙක්ටයාර දහස් ගණනක් බිළි
උතුරු කොරියාව නැවතත් සාකච්ඡාවකට
රනිල්-සජිත් තීරණාත්මක සාකච්ඡාව අද
පොල් වගාවට App එකක්
මුල්ලිවයික්කාල්වල දැඩි පුපුරණ හඬක්
අද රෑට ඉන්ධන මිල වෙනස් වෙයි?
 
සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණුකර ගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන කොඩි සතියේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැලඳවිම අද (10)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙමඟින් ලැබෙන අරමුදල් මඟින් සිරකරුවන් උදෙසා වෛද්‍ය සායන පැවැත්වීම,ඇස්කණ්ණාඩි ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප්‍රජා සත්කාර රැසක් දියත් කිරීම සිදු කෙරේ.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයේ උපසභාපති ආර්.ඒ.ඩී.සිරිසේන මහතා ප්‍රථම කොඩිය ජනාධිපතිවරයාහට පැලඳවූ අතර අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පියසිරි විජයනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න