Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජනාධිපතිවරණයට දිගම්බරම්ගේ සහය

|Tue, 10 September 2019|Miscellaneous| Page Views : 94

අලුත් පුවත්
සිරකරු සුබසාධන පළමු කොඩිය ජනපතිට පලඳවයි
ඒකාබද්ධයේ පක්ෂ නායක හමුවක් අද හවස
අළුබඳුන ටෙස්ට් තරගාවලියට යන එංගලන්ත සංචිතය නම් වෙයි
ලැව් ගිනිවලට හෙක්ටයාර දහස් ගණනක් බිළි
උතුරු කොරියාව නැවතත් සාකච්ඡාවකට
රනිල්-සජිත් තීරණාත්මක සාකච්ඡාව අද
පොල් වගාවට App එකක්
මුල්ලිවයික්කාල්වල දැඩි පුපුරණ හඬක්
 
ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි ජනතාව ඉල්ලන දිනන්ඩ හැකියාව තිබෙන අපෙක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ නම් පමණක් වතුකරයේ ජනතාවගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය.

අමාත්‍යය පලනි දිගම්බරම් මහතා එ බැව් කියා සිටියේ නුවරඑලිය නානුඔය පිඩ්රු වතු යායේ ස්කාප් කොටසේ අලුතින් වතු නිවාස 25 ඉදි කිරිම සදහා ඊයේ (09) පස්වරුවේ එම වතුයායේදි මුල් ගල තැබිමෙන් අනතුරුව පැවති ජන හමුවේදි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ ජනාධිපති අපෙක්ෂකයාට වතුකරයේ ජනතාවගේ සහයෝගය ලබා දිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක වත්මන් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කර ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයෙන් දිනන අපෙක්ෂකයෙකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන බවට තමන් තුල විශ්වාසයක් ඇති බවයි පලනි දිගම්බරම් අමාත්‍යයවරයා කියා සිටියේ.

ජනාධිපතිවරණය පැවැත්විමෙන් අනතුරුව මහ මැතිවරණයත් ඉන් අනතුරුව පලාත් සභා මැතිවරණයත් පැවැත්වෙන බවයි අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

පැවැත්විමට නියමිත සැම මැතිවරණයකින්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවත්, එක්සත් ජාතික පක්ෂ රජයක් තුලින් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට විශාල වැඩ කොටසක් සිදු කල බවත්, වතුකරයේ ජනතාව වෙනුවෙන් අලුතින් පලාත් පාලන ආයතන ස්ථාපනය කිරිම , වතු කම්කරුවන්ට පර්චස් 7 ක ඉඩමක් සහිත නිවසක් ලබා දිම , හිමිකම් ඔප්පු ලබා දිම ඇතුළු සංවර්ධන කටයුතු රාශ්‍රියක් සිදු කල බවයි අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

එම වතුයායේ ඉදි කිරිම් ආරම්භ කල වතු නිවාස 25 සදහා එම අමාත්‍යංශය මගින් එක් නිවසකට රු ලක්ෂ 10 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර එම සැම නිවසක්ම වර්ග අඩි 750 කින් සමන්විත වෙයි. හරිත රන් නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදි කරන එම සැම නිවසකටම විදුලිය පානිය ජලය , මං මාවත් ලබා දිමටද නියමිතය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න